#Civil Rights
Target:
අති ගරු ජනාධිපතිතුමා
Region:
GLOBAL
Website:
www.facebook.com

නව රජයේ දින සියයේ වැඩපිළිවෙලහි අඩංගු යෝජනා 10 ක් අනිවාර්යෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරෙන විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ අන්තර්ජාල පෙත්සම.

යහපාලනයක් සදහා අලුතින් බලයට පත් වූ රජයට ඔවුන්ගේම දින 100 යේ වැඩ පිළිවෙලට අන්තර්ගත ශ්‍රී ලාංකීය ජනතාවට හා විදේශ ගත ශ්‍රී ලාංකිකයන් වන අපට ඉතාම වැදගත් වූ ජෝජනා 10 ක් ක්‍රියාත්මක කිරීමට විදේශ ගත ශ්‍රී ලාංකිකයන් ලෙස නව රජයට මෙසේ යෝජනා කර සිටිමු.

යොමුව:-
අග්‍රාමාත්‍ය තුමා,
විදේශකටයුතු අමාත්‍ය තුමා,
ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා.

1. 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම.
2. 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම හා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම.
3. මහජන නියෝජිතයන් විසින් පිළිපැදිය යුතු ආචාර ධර්ම පද්ධතියක් නීතිගත කිරීම.
4. මහජනතාවට තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම.
5. විදේශ රැකියාවන් වල නියුතු අයට විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කිරීම.
6. අනේවාසික ගිණුම් (NRFC) සදහා 2.5% ක පොලියක් දැනට ඇති පොලියට එකතු කිරීම.
7. විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ පවුල් රැකබලාගැනීම සදහා විශේෂ පවුල් සුරැකුම් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.
8. විදේශ ගත වුවන්ගේ ගැටළු නිරාකරණය කිරීම සදහා විධිමත් තානාධිපති සේවාවක් ස්ථාපිත කිරීම.
9. විදේශ ගත ශ්‍රමිකයන් හට දැනට පවතින අක්‍රමවත් රක්ෂණ ක්‍රමය වෙනස්කර විධිමත් රක්ෂණ ක්‍රමයක් හදුනවා දීම.
10. විදේශ ගත ශ්‍රමිකයන් හට දැනට ලබාදෙන බදු සහනය (Duty Free) සාධාරණ අයුරින් වැඩිකර මෝටර්රථ බදුසහනයද ලබාදීම.

GoPetition respects your privacy.

The විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ අන්තර්ජාල පෙත්සම. petition to අති ගරු ජනාධිපතිතුමා was written by videsagatha lakika api and is in the category Civil Rights at GoPetition.